Wednesday, December 29, 2010

ඔයා වෙනස් වෙලාද..?



හැම කෙනාම ආත්මාර්ථකාමි වෙලා..
තමන් ගැන විතරයි හිතන්නේ..
ඔයත් එහෙමද කියල මට හිතෙනවා..
තවත් කෙනෙක් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියල
ඔයා ගැන හිතපු මටද ඔයා මෙහෙම සලකන්නේ..?
ඉස්සර වගේ නෙවෙයි දැන්..
කතා කරන්නේ අඩුවෙන්..
හිනා වෙන්නේ අඩුවෙන්..
හිනස්සවන්නේ අඩුවෙන්..
හැමදේම අඩුවෙන්..
ඔයා වෙනස් වෙලා..
තවත් වෙනස් වෙනවා..
මම ආදරේ ඉස්සර ඔයාට ..
දැන් ඔයා ඇතුලේ ඉන්න ඔයා හරියට මට ආගන්තුකයෙක් වගේ..
ඇයි මට මෙහෙම කරන්නේ..?
දවසෙන් දවස ඔයා මගෙන් ඈතට යනවා කියල මට හිතෙනවා..
ඇත්තටම ඔයා ඔයාමද..?
ඔයා වෙනස් වෙලාද..?

දවසක් කතා කරන්න බැරි වුනාට හිත රිදෙයි කියලා මම හිතුවෙ නෑ මගෙ රත්තරන්..
ලෝකෙම වෙනස් වුනත් මම වෙනස්වෙන්නේ නෑ මගෙ පණ..
හැමදාමත් මම ඔයා ළඟ....




කැන්ඩි....

7 comments:

ආදරේ පුංචි වෙනසක් උනත් අපිට දැනෙනවා කැන්ඩි

@ Sudu Manike

ඇත්ත..

පළවෙනි වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි....

ඒ තමයි ආදරේ හැටි ..ආදරේ ගලන ගඟක් වගේ . ඇතිවෙන්න සිසිල දෙනවා වගේම ..එක එක පැතිවලට හැරි හැරී ගමන්කරනවා ..

කැන්ඩිගේ ආදරේට ජයම වේවා !!

ආදරය කරන කාලේ ඔහොම තමයි පුංචි වෙනසක් උනත් දැනෙන්නේ ලොකු දෙයක් සිද්ධ උනා වගේ කැන්ඩි.

@ හිස් අහස ..

බොහෝම ස්තූතියි..

ඔව් සමහර වෙලාවට පොඩි වෙනසකුත් ලොකු දෙයක් වෙන්න මුල පාදනවා..

මේ පැත්තේ ආවට ස්තූතියි...

@මධුරංග

ඇත්ත..

මේ පැත්තේ ආවට ස්තූතියි..

අනේ කැන්ඩි.. බොරු මොකටද.. ඔයා දන්නවා නම් වෙනස් වුනා කියලා පේන කෙනා තුල නොවෙනස් ඔයා කැමති කෙනත් ඉන්නවා කියලා.. ඒ ගැන වැඩිය හිතන්න ඕනෙ නෑ නේද..?

@රුවන්කුමාරි

ඒකත් ඇත්ත..

මුල්ම වතාවට මේ පැත්තේ ආවට ස්තූතියි....

Post a Comment