Sunday, December 12, 2010

වැස්ස දවස් වලට....

වැස්ස වැස්ස වැස්ස....



වැස්සේම ගමන් කරලා කරලා ගෙදර නැවතුන පොඩිවෙලාවෙ පහුගිය දවස් ටිකේ කැන්ඩි වැස්සත් එක්ක කාපු කටු ටික මතක් වෙලා කෂ්ටියට පොඩි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ටිකක් දෙන්න හිතුවා.
වැහිදින වලදි අපේ කට්ටිය කරන වැඩ දැකලා තමයි කැන්ඩිට මේ දේවල් ටික කිව්වොත් හොඳයි කියලා හිතුනෙ.

කවුරු කවුරුත් මේ කියන දේවල් හොඳට හිතට අරන් ක්‍රියාත්මක කරනවා නම් කැන්ඩි ස්තූතිවන්ත වෙනවා කියන ගමන්ම තමයි මේ කරුණු කාරණා ටික කියන්න මුල පුරන්නේ.

01.මේ වහින දවස් වල ඔබ ගෙදරින් පිටතට යනවා නම්(අනිවාර්යයෙන් යන්න එපැයි ඉතින් මොකද මේ රටේ වහිනවාට නිවාඩු දෙනවා කියලයැ..? )මතක් කරලා කුඩයක් අරගෙන යන්න.
ඔබ කුඩයක් අරගෙන යන්නේ නැතුව ගිහින් වැස්ස වෙලාවට තවත් කෙනෙකුගේ කුඩය යටින් යන්න බලාපොරොත්තුවෙනවා කියන්නේ දෙන්නම තෙමෙන වැඩක්.මොකද මේ දින වල ඇද හැලෙන ධාරාණිපාත වර්ෂා වලට යටින් නොතෙමි යන්න එක කුඩයකුත් මදි.




02. ගෙදරින් පිටතට කුඩයකුත් රැගෙන යන ඔබ,කුඩය දමා ගැනීමට එයට ඉඩ ඇතිවන පරිදි කවරයක් බෑගයක් හෝ එය දමා ගත හැකි කුමක් හෝ දෙයක් රැගෙන යාමට අමතක නොකරන්න.බොහෝමයක් දෙනෙක් අමතක කරන දෙයක් තමයි තමන් තෙමෙනවට කුඩය ඉහල ගත්තාට කුඩයත් තෙමෙන බව.තෙමුන කුඩය රැගෙන බස් රථයකට ගොඩවන ඔබ එය යම් බහාලනයය්ක් තුලට දමා නොගැනීමෙන් කරන්නේ ඔබ පමණක් නොතෙමී අනුන් තෙමීමකි.මෙම තෙත කුඩයෙන් බේරෙන වතුර තමන්ගේ ඇඟට වැටෙනවාට අප කවුරුත් අකමැතිය.එම නිසා තෙත කුඩයෙහි වතුර බේරී බේරී අනුන් තෙමීම වලක්වා ගැනීමට මතක් කර ඔබ තෙත කුඩය දමා ගැනීමට ඉවත දමන පොලිතීන් කවරයක් වැනි යමක් රැගෙන යනවා නම් වඩා හොඳය.එවිට ඔබට නිකරුනේ තවත් කෙනෙකු තෙමා රැවුම් ගෙරවුම් ලැබී සිටීමෙන්ද වැලකී සිටිය හැක.

03.මේ දින වල වැඩිපුර කුඩ භාවිතාවීම නිසා ඔබ මෙයත් මතක තබා ගන්නවා නම් වඩාත් හොඳය.ඔබ කුඩය ඉහලාගෙන පදිකවේදිකාවේ මාර්ගයේ ගමන් කරනා විට ගමන් කරනා වෙනත් අය ගැන සැලකිලිමත්වන්න.තමන්ගේ කුඩය අනුන්ගේ ඇඟේ නොවැදීමට වග බලා ගන්න.මන්දයත් මෙය කෙනෙකුට විහිළුවක් සේ පෙනුනත් කුඩ ණන ඇස්වල වැදීමෙන් ඇස්වලට හානි වීම් වැනි දෑ පසුගිය කාලයේදී වාර්තා වූ බැවිනි.

04.වැසිදිනවල ඔබ මහා මාර්ගයේ පයින් ගමන් කරන පදිකයෙක්නම් ඔබ ඇසට පෙනෙන දීප්තිමත් වර්ණයක් සහිත ඇඳුමක් ඇඳුමක් ඇඳගෙන යාමට ඔබට හැකිනම් එය වඩාත් හොඳය.වැසි දිනවල ඇති මඳ ආලෝක තත්වය නිසා මාර්ගයේ ගමන් කරන ඔබව රථ වාහන වල ගමන් කරන රියදුරන්ට ඔබව නොපෙනිය හැක.එම නිසා අඳුරේදී පෙනෙන සුදු හෝ වෙනත් එවන් ලා පැහැති වර්ණයක ඇඳුමක් ඇඳගෙන යනවානම් ඉතාමත් ආරක්ෂාකාරීය.අඳුරු පැහැති වර්ණයක් සහිත ඇඳුම් ඇඳීම මාර්ගයේ වැඩි වේලාවක් ගතකරනවා නම් ආරක්ෂා සහිත නොවේ.



05.ඔබ පදිකයෙක්නම් මාර්ගයේ මඩ වලවල් වතුර පිරුන වලවල් නිසා පදික වේදිකාවෙන් බැහැරව මාර්ගයේ මැදට වන්නට ගමන් කිරීමෙන් වලකින්න.ඔබගේ ගමන මඳක් ප්‍රමාද වූවත් මඩවලක් අසල වතුරවලක් අසල පදික වේදිකාවෙන් බැහැරව ගමන් කිරීමට පෙර මාර්ගයේ රථයක් නො එනවාදැයි කියා සැක හැර බලාගෙන දැනගෙන තවත් රථයක් මාර්ගයේ ගමන් කිරීමට පෙර ඔබට එම ස්ථානය පසුකර මාර්ගයෙන් නැවත පදික වේදිකාවට ගොඩ වීමට හැකිදැයි කියා හොඳින් සැක හැර දැනගෙන එම ස්ථානයෙන් ගමන් කරන්න.කිසිවිටෙකත් පදිකවේදිකාවේ හෝ පාර දෙපස වතුර වලවල් කියා ඔබ පදික වේදිකාවෙන් බැහැරව මාර්ගයේ මැදට වන්නට ගමන් කිරීමෙන් වලකින්න.

06. ඔබ වාහනයක ගමන් කරන රියදුරෙක්නම් මාර්ගය පැහැදිලි වූවත් අධික වේගයෙන් ගමන් නොකරන්න.මාර්ගය ලිස්සනසුළු නිසා ඔබ ධාවනය කරන වේගය අඩු මට්ටමක පවත්වා ගැනීම ඔබගේ රථය හදිසි අවස්ථාවක අනතුරක් රහිතව නවත්වා ගැනීමට පහසුවක් වේවි.තවද ඔබගේ අනිසි හදිසිය නිසා හදිසි අනතුරක් සිදුවූවිට රක්ෂණ ආවරණ නැතිකමින් ඔබ නිසා අනුන් හට පාඩු විඳින්නට සිදුවීමත් රක්ෂණ ආවරණ තිබුනත් වන්දි මුදල් ලැබුනත් ඔබට එයට අමතරව කාලය වැය කිරීමට සිදුවීමත් ඔබ නිසා වෙනත් කෙනෙකුට තමන්ගේ වටිනා කාලය අපතේ හැරීමට සිදුවීමත් වලක්වා ගත හැක.



07.ඔබ රථයක රියදුරෙක් නම් ඔබට රථයේ වේගය ගැන මෙන්ම පදිකවේදිකාවේ ගමන් ගන්න මඟීන් ගැනත් මාර්ගයේ ස්වභාවයත් ගැන කල්පනා කාරීව ඔබගේ රථය පදවන්නේ නම් වඩා හොඳය.රථයේ සුවපහසුවට ගමන් ගන්න ඔබ නිසා මාර්ගයේ ගමන් ගන්න දුප්පත් අහිංසක මඟියාගේ ගමන අඩාල වීම සිදු නොවිය යුතුයි.ඔබගේ නොසැලකිලිමත්කම නිසා මාර්ගයේ පයින් ගමන් ගන්න පදිකයා මඩ වතුරෙන් නැහැවී යාම අනුමත කළ නොහැකිය.එය සාධාරණ නොවේ.ඔබට ඔබ ගැන මෙන්ම අනුන් ගැනත් හිතන්න පුළුවන්නම් එය ඉතාමත් අගනේය.

අවසාන වශයෙන් වැස්ස නිසාම මේදින කිහිපයට පමණක් සීමා නොවී තමන්ගෙන් හරි තමන් කරන කියන කටයුත්තකින් හරි කෙනෙකුට හිරිහැරයක් කරදරයක් නොවෙන අන්දමින් කටයුතුකරනවා නම් එය තමන්ට මෙනම අනුන්ටද විශාල උපකාරයකි.මන්ද මිනිසෙක් ගැන මිනිස්කමින් සිතිය හැක්කේ තවත් මිනිසෙකුට පමණක් බැවිනි.

කැන්ඩි....


8 comments:

අනේ ඇත්තමයි කැන්ඩි මිනිස්සු පාරෙ යනකොට හිතාගෙන ඉන්නෙ පාරෙ යන්නෙ තමන් විතරයි කියලා. තව කෙනෙකුගෙ ඇගේ වැදිලා ගියත් ගානක්වත් නෑ. අඩුම ගානෙ හැරිලා බලන්නෙවත් නෑ. ඇත්තටම සෑහෙන්න කේන්තිත් යනවා ඇයි මිනිස්සු මේ තරම් ආත්මාර්ථකාමි වෙලා තියෙන්නෙ කියලා දකිනකොට

ඇත්ත බොහොමයක් දෙනා හැපුනත් හැරිලවත් බලන්නේ නැහැ...කලාතුරකින් කෙනෙක් තමයි අඩුම තරමේ හැරිලාවත් බලන්නේ...
මේ පැත්තේ ආවට ස්තූතියි....

බොහොම වටිනා ලිපියක් සහෝ! සෑහෙන්න හිතලා තියෙනවා...

බොහොම ස්තූතියි සහෝ වෙනදා වගේ මේ පැත්තේ ආවට..

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඇත්තටම නියම පෝස්ට් එකක්....
මේ පැත්තට ආවේ පළවෙනි වතාවට වෙන්න ඕනි...
දිගටම ලියන්න සහෝ....

@ ෴ හසියා ෴

පළවෙනිපාරට මේ පැත්තේ ආවාට ස්තූතියි....

palibodha naashaka anaturu sahitayi praweishamen pariharanaya karanna.!!!!

oya paare yana ayata mada wathura gaha gena waahana wala yana ayawa waahanen bassawala, mada walak laga hitawala, mada wala udin ehaatai mehaatayi waahanayak yawanna ooni eka digata.

@teedutulowa
හොඳ අදහසක්....

මේ පැත්තේ ආවට ස්තූතියි....

Post a Comment