Friday, August 26, 2011

අනේ මංදා සිරිසේන - 02






අනේ මංදා සිරිසේන - 01 කියවලා නැත්නම් ගිහින් කියවලා එන්න.


මේත් මට 1 වෙනි ආයතනයෙදි හම්බ වුන මිත්‍රයන් ගෙන් කෙනෙක්. හොඳ මිත්‍රයන් රාශියක් අතර හිටපු මෙයාට එක නරක පුරුද්දක් තිබුනා, ඒ තමයි  සිංහලෙන් කියනවා නම් 1000 ටෝක්ස් දෙන එක.මෙයාගේ පුරුද්දක් තිබුනා එක එක දේවල් කියන එක. ඉතින් යාළුවන්ගෙන් ගොඩාක් දෙනෙක් කළේ වට වෙලා සමහර වෙලාවට මෙව්ව අහගෙන ඉන්න එක. අනිත් එවුන් කළේ මෙයත් එක්ක කතා කලොත් අපිට ගම රට අතැරලා කුරුඳු වත්තට එන්න වෙයි කියලා කතා කරන එක නවත්තපු එක.තවත් සමහරු කරන්න වෙන දෙයක් ඇත්තෙම නැත්තන් ඔය කතා අහන්න පුරුදු වුනා.තවත් සමහරු ඔව්වා අහන් ඉඳලා ඒ විදියට කියන්න කරන්න පුරුදු වුනා, ඒ කියන්නේ ලොකු ලොකු වැඩ තමයි තවත් සමහරු ඉතින් ඔව්ව් අහන්න ගියෙත් නෑ ඇහුනත් ඒවා ගානකට ගන්නේ නැතුව තමන්ට පුළුවන් විදියට තමන්ගේ කටයුතු කරගෙන හිටියා. 
මේ කියන යාළුවට හැදිලා තිබුණ රෝගය එසේ මෙසේ එකක් නෙවෙයි  , ඒ කියන්නේ මෙයා කියන්නේ කරන්නේ මේ වගේ දේවල්


දවසක් මම මෙයා යාළුවෝ වට කරගෙන කතා කරන තැනක ඉඳන් අහගෙන හිටියා,
මෙන්න මෙයා ඒ වෙලාවේ කතාව කියන් ගියේ මෙහෙමයි..


යහළුවා : මචං මම අහවල් ආයත්නේට මේ මේ මේක ඉගෙන ගන්න යනවනේ..
යාළුවෝ : අපි නම් ඔය කියන තැන දැකලත් නෑ බන්, එතන හෙන ගානක් ගන්නවලු නේද බං,
යහළුවා : ඔව් බන් ඒත් හොඳයි, අපේ තාත්තටයි අම්මටයි ඕවාට පේ කරන එක සිම්පල් නේ බං,මොකටද සල්ලිත් තියාගෙන භාගෙට ඉගෙන ගන්නේ , ඒකයි මමත් ඕකට යන්නේ..
යහලුවෝ : ඔව් බන් ඒකත් ඇත්ත තමයි. අපිට ඉතින් ඉරිදට සෙනසුරාදට ඔව්වට එන්න සල්ලිත් නෑ බං ,ගෙවලා ආවත් සෙනසුරාදා ඉරිදත් පැය තුන ගානේ එන්නයි යන්නයි බස් එකට වෙලාව අපරාදෙන බං, එතකොට වෙන වැඩක්කර ගන්න හැටියක් නැහැනේ. (මේ කියපු යහළුවා දුර බැහැර පෙදෙසක සිට කොළඹට ළඟා වන්නෙකි )
යහළුවා : මට නම් ඉතින් ප්‍රශ්නයක් නෑනේ බන්, වීක් ඩේස් වලට අම්මයි තාත්තයි දෙන්නම වැඩට ගියාට වීකෙන්ඩ් එකට අම්ම ගෙදරනේ බං අම්මගේ කා එක මට දෙනවා , අහවල් ආයතනයේ පාක් එකේ දා ගත්තැකි බං,
යහලුවෝ : ඇයි බන් උඹ අම්මලාට කියන්නේ නැත්තේ උඹට හැමදාම එන්න කා එකක් අරන් දෙන්න කියලා , එතකොට අපිටත් රවුමක් ගියෑකිනේ බං..?
යහළුවා : අම්මලා කැමති නෑ මචං ඒකට, අනික මෙතන පාරේ අයිනෙනේ දාන්න වෙන්නේ , ලෙක්චරර්ස්ලට පාක් එකේ ඉඩ දුන්නට ස්ටූඩන්ට්ස්ලාට පාක් එකේ වෙහිකල් දාන්න දෙන්නේ නැහැනේ 
යහළුවෝ : ඔව් නේ..



මොහුට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට හොඳට හැකියාවක් ඇත.නමුත් ඔහු සිංහල කතා කරන්නේද ඉංග්‍රීසි උච්චාරණය දමා ගොඩ සුද්දෙක් මෙන්ය. "දිනක් තවෙකෙක් උඹට කඩ්ඩ ඔච්චර හොඳට පුළුවන් උනේ කොහොමද බං..?
උඹ කොහෙද පංති ගියේ..?"
ඔහු : "මහ ලොකු පන්ති ගියේ නෑ බං අපේ අම්මයි තාත්තයි විතරක් නෙවෙයි සීයයි ආච්චියිත් ගෙදර සිංහල කතා කරන්නේ නෑනේ.. ඒකයි"



තවත් දිනෙක ඔහු මිතුරන් සමඟ
ඔහු  : මචං අපේ අයියා එන මාසේ රට ඉඳන් එනවනේ 
යහළුවෝ : උඹට මොනවද ගේන්නේ?
ඔහු : මම නම් කිව්වෙ මොනවත් ගේන්න එපා කියලා ඒත් අයියා අම්මලාට කියලා තිබුනා ලැප් එකකුයි අළුත් කැම් එකකුයි ගේනවා කියලා
යහළුවෝ : ෂා මරුනේ 


දිනක් මම ඔහු සමඟ ව්‍යාපෘතියක වැඩ කටයුත්තක නියැලී සිටියෙමි. ඔහුට දුරකතන ඇමතුමකි
මෙසේ පිළිතුරු දෙයි..
ආ ඇඳපු ඇඳුම් ටික තියෙන්නේ අල්මාරිය උඩ..
එය නිම වූ පසු ඔහු  :
මචං මේ අම්මා ඇඳුම් ටික වොශිං මැශින් එකට දාන්න හොයනවා බං මට ඕකට ඒ ටික දාන්නවත් වෙලාවක් හම්බ වුනේ නෑ බන් මේ දවස් ටිකේ..
මම : එකනේ නේද වෙලාවක් නැහැනේ..


පසුගිය දින කිහිපයක පටන් ඔහු දේශන වලට සහභාගී නොවූ නිසාවෙන් සහ ඔහුගේ ජංගම දුරකථනයට දින කිහිපයක පටන් ඇමතුමක් ලබා ගත නොහැකි වූ නිසාවෙන් මිතුරෙකු ඔහුගේ නිවසට දුරකථන ඇමතුමක් දුන්නේය. දුරකථනයට පිළිතුරු දුන් ඔහුගේ සොහොයුරිය පවසා තිබෙන්නේ අප මිතුරාට සහ ඔහුගේ පියාට ඩෙංගු උණ සෑදීම නිසා රෝහල් ගතකර ඇති බවය. 



රෝහලට යාමට අවසර ලැබෙන්නේ දෙදෙනෙකුට පමණක් නිසා අප කිහිප දෙනෙකු ඔහුගේ නිවසට ගොස් ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගෙන් සුවදුක් විමසීමට තීරණය කළෙමු. දුරකථන ඇමතුමකින් අසා ගත් පරිදි අප ඔහුගේ නිවසට ළඟා වීමු. නිවෙස පිහිටා තිබුනේ මහා මාර්ගයෙන් මඳක් ඔබ්බට වන්නටය. නිවෙස අසලට ගිය මිතුරන් ගේට්ටුවෙන් ඇතුල් වීමට පෙර එක් මිතුරෙක් "කියලා තියෙන විදියට නම් ගේ මේක වෙන්න බෑ "යයිකීවේය. "කමක් නෑ අපි අහලා බලමුකෝ "කියා තවෙකෙක් කී නිසාවෙන් ගේට්ටුවෙන් ඇතුළු වූ ඔහු ගෙදර සීනුව නාද කළේය . නමුත් කිසිම ප්‍රතිචාරයක් නැත. ඉන්පසුව ගෙදර කවුද..? කියා කිහිප විටක් ඇමතූ පසු කාන්තාවක් මෙහෙන් එන්න මම වැඩක් යයි කියනු ඇසුනෙන් අපි නිවසේ පිටිපසට ගියෙමු. 


කාන්තාවක් කරාමයක් අසල රෙදි සෝදමින් සිටියාය. "ඇන්ටි මේ ____ ගේ ගෙදරද..?""ආ .. ඔව් පුතා, ඔය ගොල්ලොද ඊයේ කතා කළේ" ඇසුවාය. "ඔව් අපි තමයි ඇන්ටි කතා කළේ , දැන් __ටයි තාත්තටයි කොහොමද..?""ටිකට් කපන්න තව දවස් තුනක් වත් යයි පුතේ , මේ දවස් ටිකේම ඒ දෙන්න ළඟ හිටියේ __ගේ අයියා තමයි, වැඩට යන්නෙත් නැතුව මත් මේ උදෙඋටයි දවල්ටයි උයලා පිහලා දීල දුව අතේ තමයි කෑම බීම ඇරියෙත් පුතේ මම ගියොත් රෙදි ටිකවත් හෝදන්න කෙනෙක් නැහැනේ.. " "කරදර පිට කරදර පුතේ , __ගේ අයියත් ආපහු එන්න වුනේ වැඩ කරපු තැන වහලා දාපු හින්ඳනේ, තාම එයැයිටත් මෙහෙ වැඩ කරපු තැනට ආපහු යන්න බැරි වුනා." "කරදර ආවම ඔහොම තමයි ඇන්ටි අපිටත් තියෙන දෙයක් කියන්නකෝ ආව එකේ අපිත් මොනවහරි කරලා දෙන්නම්.." "අනේ ඔය ළමයින්ට එහෙම කියන්න පුළුවන්ද යංකෝ ගෙට .."
නිවසේ ඉදිරිපස දොර විවෘත කළ ඇය අපට නිවසට ආරධනා කළාය. "මම පුතාලට තේ ටිකක් හදන්නම්කෝ ", "කමක් නෑ ඇන්ටි එපා ", "මට කරදරයක් නෑ දරුවෝ ඉන්න මම හදලා දෙන්නම්". අප මිතුරාගේ මව නම් ඔහු මෙන් නොවේ , ඉතා කාරුණික නිහතමානී තැනැත්තියක් වූවාය.


"යකෝ මූ කිව්වට ගෙදර කාර් එකක් තියා අර ගේට්ටුවෙන් කාර් එකක් ඇතුලට ගන්නත් බෑනේ" එක් මිතුරෙක්
"ගෙදර රෙදි හෝදන්නේත් අම්මනේ "තවෙකෙක් "ඉතින් බං ඔය අපේ අම්මලත් හෝදලා දෙන්නේ ඕක අරුමයක්ද..?""නෑ බං අරූ කිව්ව එව්වා උඹට මතක නැද්ද"
"උඹ ආවේ ආදයම් මනින්නද..? , ලෙඩ්ඩු බලන්නද..?, ලෙඩ්ඩු බලන්න ආවා නම් කට වහගෙන හිටපන්.."මම හා තවෙකෙක් කීවෙන් ඔවුන් ඉන්පසු කුමක් වත් කීවේ නැත. 
අවසානයේ අපි ගෙන ගිය දෑද දී තවත් දවසක ඔවුන් නිවෙසට කැඳවාගෙන ආපසු යන අරමුණ සිතැතිව ආපසු පැමිණියෙමු. 


නමුත් ආපසු ඔහු දේශන කරා පැමිණෙන තෙක් අපට ඔහුගේ සුවදුක් විමසීමට යාමට නොහැකි විය. ඉන් පසු කිසි දිනෙක අප් මිතුරන් කිසිවෙක් ඔහුගෙන් පරණ කිසිවක් විමසීමටද ගියේ නැත. නොගියවුන් හට එය කීවේද නැත. ඉන් සෑහෙන කලක් යනතුරුම ඔහු මිතුරන් මඟ හරිමින් තමන්ගේ ලජ්ජාව වසා ගැනීමට උත්සාහ කරනු පෙනිනි. නමුත් කිසිවෙක් කිසිවක් නොකී නිසා ඔහු සාමාන්‍ය ලෙස මිතුරන් අතරට එක් විය , නමුත් කෙදිනකවත් ඔහු ඉන් පසුව පෙර දී මෙන් තමන් ගැන කීමට උත්සාහ නොදැරීය. 


තමන් ගැන අනවශ්‍ය පමණට බොරු කීමෙන් සහ අතන් ගැන අනුන්ට බොරු කීමෙන් රැවටෙන්නේ සහ අපහසුතාවයට පත්වන්නට සිදුවන්නේද තමන්ට යයි සිතා වැඩ කටයුතු කරනවා නම් මෙවන් තත්ව ඇති වන්නේ නැත. තමන්ට නැති දෙයක් තියෙනවා කීමට තරම් හීන මානසිකත්වයක් ඇති කර ගැන්ම වෙනුවට තමන්ට ඇති දේ ගැන කීමෙන් තමන්ට සැබෑ ලෙස හිතවත් මිතුරන් පිරිසක් ඔබටත් ඇති කර ගත හැකි වේවි. තමන්ට නැති දේ පවසා ඇති කර ගන්න මිතුරන් තමන්ටෑක් වන්නේ තමන්ගේ අදහස් වලට සහ තමන්ට ඇති හිතෛෂී බව නිසා නොව තමන් ඒ පැවසූ තමන්ට නැති දේ නිසාය. එවන් මිතුරන් කිසි විටෙකත් ඔබට ඒ දේ නැතැයි කියා දැනගත් විට ඔබ සමඟ රැඳෙන්නේ නැත.හොඳම දේ තමන් තමන් වීමය.
මෙය සටහන් කිරීමේ  අරමුණ ඔහුව උපහාසයට ලක් කිරීම නොව ඔහුට සිදු වුන දෙයින් තවෙකෙකුට එය සිදු වනු වලකනු පිණිස බව කරුණාවෙන් සලකන්න..


චතුර....

14 comments:

පොරට හොඳ පාඩම මචං... මට පුදුම ඌට එච්චර සල්ලි තිබිලත් උඹලට එක දවසක් වත් කෑමකට ආරාධනා නොකරපු එක ගැන....

අෆ්ෆා..!! එයාව කොන්කරන්නේ නැතිව හිටපු එකනම් හොද වැඩක් ,නැත්නම් මිනිහා හෙන අපහසුතාවයට පත්වෙන්න තිබ්බා..

mama nam hithanne oka loku ledak

honda adarshamath kathawak.....

මෙහෙම මිනිස්සු ඉන්නවා...හොඳ පාඩමක් එහෙම කෙනෙක් මේක බැලුවොතින්!!!!!!

අනේ මන්දා සිරිසේන..මෙහෙමත් එවුන්....

අන්තිමේ ඒකා පාඩමක් ඉගෙන ගත්තා නේ...

මටනං ඔය වගේ එවුන් පෙන්නන්න බෑ. හැබැයි වාසනාවට තවම ඔහොම ඩයල් එකක් සෙට් වෙලා නැ ආශ්‍රය කරන්න. සල්ලි තියාගෙන නෑ කියන එවුන්නං ඕන තරම් මුණගැහිලා තියෙනවා

@ මාලු යාලු

ඒක නොව හොඳ පාඩම්, මටත් ඕකම හිතුනා ඒ කාලේ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ ChammA

ඔව් මිනිහට එහෙනම් වෙන්නේ වහ කන්න
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ සනෝජ් තරංග

එක්තරා ලෙඩක් තමයි සහෝ
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ janith

අගය කිරීමට මෙන්ම මේ පැත්තේ ආවාටත් තුති..

@ ඉන්දික

ඔව් සහෝ එහෙමවත් හැදෙනවා නම් ලොකු දෙයක්
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ අසනි

ඒකනේ කියන්නේ යාලු, මෙහෙමත් එවුන්
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ ප්‍රසංග

ඔව් වෙන දෙයක් නොවී මේකෙන් වත් හැදුනානේ ඒ ඇති
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ blog gadol

මටත් ඉස්සර නම් එහෙමයි, ඒත් අපිට මොකෝ සහෝ උන්ට හොඳ නම්, මටත් ඒ වගේ චරිත ගණනාවක් හම්බ වෙලා තියෙනවා.පිරුණු කලේ දිය නොසෙලේ කියන්නේ ඒකනේ සහෝ..

ඒකා නම් හොඳ පාඩමක් ඉගෙනගෙන. අනිත් එක ඒ සිද්ධියේදි උඹල වැඩ කරපු විදිය ගොඩක් වටිනව. ඌ කියපු දේවල් අල්ලගෙන ඌව බයිට් කරන්න ගියා නම් ඌ සෑහෙන්න මානසිකව වැටෙනව. ඔය වගේ එවුන්ට අනුකම්පා කරන එක තමයි කරන්න ඕන.

යාලුවෝ ටිකට නම් ඇතටම කට ඇරල කියන්න පුලුවන් "මිනිස්සු" කියල

ඔහොම හීන මාන තියෙන එවුන් ඉන්නවා බං හැම තැනම..
හැබැයි සමහර එවුන් නම් හැදෙන්නෙම නෑ.

@ Kasun

ඔව් මේකා හොඳ පාඩමක් විතරක් නෙවි මතක හිටින දෙයක් ඉගෙන ගත්තා
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ නඳුන් උයන

ඔව් එහෙම යාලුවෝ ඇති කරගන්න එක තමයි වැඩිය හොඳ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ පැණි දොඩම්

හැදෙන්නේ නැති එවුනුත් ඉන්නවා තමයි බන්, එක එකාගේ හැටිනේ. අපට මොකෝ උන්ට හොඳ නම්
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

Post a Comment