Monday, August 8, 2011

දේශන අතරතුර - 01




පින්තූරය මෙතනින්..



දේශන අතරතුරදි සිද්ධ වුන රසවත් සිදුවීම් කීපයක් මතක් වුන නිසා ලියන්න හිතුනා..


මේක වුනේ අපි පළමු අවුරුද්දේ පළවෙනි අධ්‍යයන වාරයට පෙර තියෙන හුරුකරවීමේ කාලසීමාවේදී. මුල් සතියෙදි අපිට විවිධ ක්‍රියාකාරකම් කරන්න තිබුනා, ඒ ඒවායින් එකක් තමයි කණ්ඩායම් වශයෙන් සාර්ථක ඉදිරිපත් කිරීමක් කිරීම , ඒකට දේශන දෙකක් වගේ වෙන් වෙලා තිබුණා අන්තිමට දේශන ඉවර වෙලා දේශන වලින් ඉගෙන ගත්දේ ප්‍රායෝගිකව ඉදිරිපත් කරන්නයි තිබුනේ. 


මුලින්ම දේශක තුමිය සියළුම සිසුන්ව කණ්ඩායම් කිහිපයකට බෙදලා දීලා ඒ ඒ අයට කැමති මාතෘකාවක් තෝරාගෙන තමන්ගේ ඉදිරිපත් කිරීම පහුවදාට කරන්න කියලා නියම කෙරුවා. මේ ඉදිරිපත් කිරීමට එක් එක් සාමාජිකයා තමන්ගේ කොටස ගැන මුලින්ම හැඳින්වීමක් කරන්න ඕනේ මේකට අවශ්‍ය නම් බෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන් සහ තමන් හොඳින්ම සූදානම් වෙලා තමන්ගේ ඉදිරිපත් කිරීම හොඳින් නරඹන්නන්ට තේරුම් යන විදියට තේරුම් කරන්න ඕනේ. ඉන් පස්සේ තමයි කණ්ඩායමම එකතු වෙලා හදපු පවර්පොයින්ට් ප්‍රසන්ටේශන් එකෙන් තමන්ගේ ඉදිරිපත් කිරීම කරන්නේ. 


මේකට අර මුලින් තනියම කිරීම නියම වුනේ පවර් පොයින්ට් භාවිතයේදී ඉදිරිපත් කිරීමක් කරද්දී ඒ ඉදිරිපත් කිරීම කරන්න තිරය මත තියෙන දේ පදනම් වෙලා ඒ දේම කියන එක නවත්වන්න. ඒත් අන්තිමට තමන්ට රූප සහ අනෙකුත් දේවල් එකතු කරලා හදා ගත්ත ප්‍රසන්ටේශන් එක කැමති ආකාරයකට පැහැදිලිව ඉදිරිපත් කළ හැකි.


ඉතින් ඔන්න මම මේ කියන යාළුවා ඔය කණ්ඩායම් වලට බෙදලා දෙන දවසේ ඇවිත් හිටියේ නෑ, පහුවදා ඉදිරිපත් කිරීම කරන්න ඕනේ වෙලාවේ අර දේශක තුමී ඔක්කෝම ඉන්නවද කියලා අහපු වෙලාවේ මෙයා කිව්වා මම ඊයේ හිටියේ නෑ මැඩම් මට කණ්ඩායමක් නෑ කියලා. මෑන්ස් රෙඩි නැතිනිසා තමන්ගේ කණ්ඩායමට දාගෙන ලකුණු අඩු කර ගන්න එකම එක කණ්ඩායම් නායකයෙක්වත් ලෑස්ති නෑ. 


ඔන්න ඒ පාර දේශකතුමී මෙයාට කිව්ව ඔය ළමය කැමති දෙයක් ගැන හොයලා ප්‍රසන්ටේශන් එකක් සරලව තමන්ට ඉදිරිපත් කරන්න හදාගෙන එන්න කියලා අනිත් අයගේ ප්‍රසන්ටේශන් ගන්නකම්.ඔන්න ඉතින් මෑන්සුත් අහල පහල හිටිය එකෙක්ගේ පෙන් එකකුත් ඉල්ලගෙන ගිහින් ප්‍රසන්ටේශන් එක හදන් ආවා අනික් අය කරලා ඉවර වෙන කොට පැයකට විතර පස්සේ. 


මිනිහගේ ටිකිරි මොළේට එකපාරටම මතක් වෙලා තියෙන්නේ කම්පියුටර්වෛරස් කියන මාතෘකාව , ඔන්න ඉතින් මිනිහා  ගූගල් එකෙන්  එවේලේ උඩින් පල්ලෙන් හොයාගෙන කොළේක ලියන් ආව විස්තරයක් එහෙම කරලා බෝඩ් එකෙත්  ඇඳලා පොඩි විස්තරයක් කළා, මිනිහට ඉතින් පොඩි විතර  සමාවක් ලැබුනා ඉතින් සූදානම් වෙලත් නැහැනේ, ඊට පස්සේ මිනිහට තමන් හදපු ප්‍රසන්ටේශන් එක හරියට ප්‍රසන්ට් කරන්නයි කියලා දේශකතුමී බලන් ඉන්නවා, ඔන්න මිනිහා ඉතින් I'm going to explain about computer viruses කියලා ආයිත් කියලා ඔන්න ප්‍රසන්ටේශන් එක සේව් කරගෙන ආපු පෙන් එක කම්පුටරයට ගැහුවා.


 ඒ කාලේ ලැබ් වල ඉන්ස්ටෝල් කරලා තිබ්බේ මැකාෆි , ඒකත් ඒ දවස් වල එක්ස්පයර් වෙලා හරි මොකක් හරි වෙලා තිබ්බේ, ඒ වුනාට දේශන ශාලාවල පරිඝනක වලට දාල තිබ්බේ කැස්'ප'ස්කි. අනික දැන් තියෙන වර්ශන් එකේ ඉන්ෆෙක්ටඩ් ෆයිල් එකකට දානවට වැඩිය මහා කැත විදියට චූස් චාස් ගාන සද්දයක් ඔය කාලේ තිබ්බ වර්ශන් එකේ තිබ්බේ. මිනිහ පෙන් එක ගහල තප්පර දෙකක් යන්න කළින් අර මහා කැත සද්දේකුත් එක්ක ස්ක්‍රීන් එකේ ට්‍රොජන් ඩිටෙක්ටඩ් කියලා වගේ මැසේජ් එකකුත් එක්ක රතු පාට ඇලර්ට් එකකුත් ආවා. මේක බලන් හිටපු ළමයින්ට විතරක් නෙවෙයි අර දේශකතුමීටත් හිනා, පස්සේ මෙයාට වෙන දවසක ප්‍රසන්ටේශන් එක කරන්න කියලා දේශකතුමී එතුමිගේ ඊළඟ දේශනයට යන්න ගියා.ඒ වුනාට අපේ අදහස නම් මේක තමයි කරපු හොඳම ප්‍රසන්ටේශන් එක කියලා . සජීවී නිදර්ශකයකුත් තිබ්බානේ.


මේ සිද්ධිය වුනේ දෙවෙනි අධ්‍යයන වාරේ. ඒකේ එක විෂයකට හිටියේ දෙමළ දේශකතුමෙක්. මෙතුමාට ඉතින් ඔය ළමයි කරන නවීන පන්නේ කිසිම දෙයක් පේන්න බෑ, බනින්නේ නම් නෑ ඒත් මහ කැත විදියට කට්ටියම ඉස්සරහා හිනාවෙන්නේ . ඔන්න අපේ බැච් එකේ හිටියා කොණ්ඩෙ බෙල්ල දිහාට වවා ගත්තු පොරක්.


 ඉතින් ඒ දවස් වල මූ ඒක තවත් ලස්සන වෙන්න ස්ට්‍රේට් කර ගත්ත. ස්ට්‍රේට් කළාට පස්සේ මේකාගේ කොණ්ඩේ ඉස්සෙල්ලාටත් වැඩිය කැපිලා පේන්න ගත්තා. ඉතින් මේ දේශකතුමාත් මූ ස්ට්‍රේට් කරලා ආපු පළවෙනි දවසේම ඕක දැක්කා.මෙයැයි ඕකට මොකාක් හරි කියනවමයි කියලා කට්ටියම කතා වෙලයි හිටියේ , ඒත් මුල් පැය භාගේදිම මෙයාට ඒකට කියන්න දෙයක් හිතා ගන්න බැරුව වෙන්න ඇති දේශන ශාලාව හරහා එක පාරක් ඇවිදගෙන ගියත් ම්ම්හ් නෑ මුකුත් කිව්වේ.


 ඔන්න ඉතින් දෙවෙනි පාර දේශන ශාලාවේ අපේ මිත්‍රයා ළඟින් ඇවිදගෙන යද්දී මෙයාට වාසනාව පෑදුනා. මේ කියන මිත්‍රයා ගාව එහා පැත්තෙන් එදා ඉඳගෙන හිටියේ ගෑනු ළමෙක්. දන්නවනේ ඉතින් ගෑනු ළමයි ගාව තියෙන ජාති ,පෑන් පැන්සල් වයි වර්ණ කොළ වගේ එව්ව. ඔන්න මෙයැයි ගාවත් තිබිලා තියෙනවා රෝස පාට කොළ වගයක්.මේ දේශකතුමා ඔතනින් යද්දී මෙයින් එකක් බිමට වැටිලා තිබිලා තියෙනවා. ඔන්න ඉතින් දේශකතුමා පාත් වෙලා ඕක ඇහිඳලා උඩට උස්සලා හොඳට බලල අර යාළුවා දිහාට හැරිලා කියල ඇහුවා"Is this yours..?",ඔන්න ඉතින් යාළුවත් "No Sir "කියලා උත්තර දුන්නා. ඊට පස්සේ පල් හිනාවක් දාල අර දේශකතුමා මෙහෙම කියනවා .. But that color suits you well.. දේශකතුමා ගියාට පස්සේ අර යාළුවා මෙහෙම කියනවා "උගේ *@#$%" 


චතුර....

15 comments:

හිකිස් වයිරස් කතාව නම් පට්ට

"But that color suits you well.." ලොල්ය...

@ පිස්සු පුසා

හිකිස් ඒකනේ :P :P
මේ පැත්තේ ආවට තුති..

@ නාකියා

ලොල් ලොල් :P :P
මේ පැත්තේ ආවට තුති..

"But that color suits you well.." :D

ඒක සිරා ටෝක් එක. කොහොම හරි පොටක් හොයා ගත්ත නේද මෑන්.

@ Kasun

ඒකනේ කියන්නේ මිනිහගේ කතා නම් කියලා වැඩක් නෑ.. :p :p
මේ පැත්තේ ආවට තුති..

අනේ ඉතින්...හදිස්සි උනාම අර මොකද්දෝ අස්සෙ වත් අත දා ගන්න බෑ කියනවනෙ..... හොඳ වයිරස් එක නේද...

අර දෙවෙනි කතාවෙ..... කෙල්ල නොකියා කෙල්ල කිව්ව නේද? මරු

වයිරස් කතාව නම් මරු...නියම තාත්වික ඉදිරිපත් කිරීමක්....

හික් හික් නියම කතා ටික

මල්ලි ලියද්දි ටිකක් චේදවලට වෙන කරානම් කියවන්න පහසුයි

නියම කතා දෙක !!!!
අර වයිරස් කතාව නම් අපටත් එක ප්‍රසන්ටේශන් එකකදි උනා. පෙන් එක ගහලා ටික වෙලවකින් වයිරස් එකක් ආවා. ප්‍රසන්ටේශන් එක අහන්න ආපු කට්ටිය බැන්නත් එක්ක. එන්න කලින් වයිරස් ක්ලියර් කරගෙන එන්න තිබ්බනේ කියලා. මොනා කරන්නද

අර නදී අක්කා කිව්වත් වගේ ඡේද වෙන් කරලා ලියන්න. කියවන්න ලේසියි එතකොට

නියම කතා දෙක..වයිරස් නම් මතක් කරන් එපා...යාලුවට වුනු දේම අපිටත් දවසක් උනා අනේ..

මැක්සා කතා දෙක බං....

@ දිල් අක්කා

ඔව් හදිස්සි වුනාම මොනවත් කරගන්න බෑනේ..
ඔව් ඔය සර්ගේකතා නම් මරු..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ ප්‍රසංග

ඔව් හරිම තාත්විකයි
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති

@ නදී අක්කා

ස්තූතියි උපදේශෙට , ඔන්න ඡේද වෙන් කළා
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ චතුරංග පෙරේරා | chathuranga Perera

ස්තූතියි.
මුල්ම වතාවට මේ පැත්තේ ආවටත් තුති..

@ මධුරංග

ඕක ගොඩක් දෙනෙකුට වෙලා තියෙනවා වගේ..
ඔන්න ඡේද වෙන් කළා..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ අසනි

ඔන්න තවත් වෛරස් අත්දැකීමක් තියෙන එක්කෙනෙක්.
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

@ මාළු යාලු

එලzzzzzzzz..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

Post a Comment