Sunday, August 14, 2011

සරම....




මේක චතුර දහම් පාසල් ගිහින් වෙච්චි දෙයක්

එතකොට චතුර එක ශ්‍රේණියට ඇතුලත් කළා විතරයි. අම්මයි ලොකු අම්මයි දෙන්නම ඉන්න හින්දා චතුරට දහම් පාසලේ වසරක් ඉහළ පන්තියට තමයි ඇතුලත් වෙන්න ලැබුනෙත් දහම් පාසලට භාර දුන්නට චතුරට අම්මා සරමක් මහලා දුන්නේ නෑ, ඒ දවස් වල ටිකක් අම්මට වැඩ වැඩි වෙච්චි නිසාත් ගෙදර ඒ දවස් වල පොඩි වැඩ වගයක් කරපු නිසත් වෙන්න ඇති. මේ කියන දවස් වල චතුරගේ තාත්තා උසස්වීමකට මොකක් හරි විභාගයකට සහභාගී වෙන්න පන්ති වගයකට සහභාගී වුනා ඒ නිසා සති අන්තයටත් තාත්තා ගෙදර හිටියේ නෑ.තාත්තා ගෙදර හිටියේ නැති නිසාත් ගෙදර වැඩ වගයක් තිබුණ නිසාත් අම්මත් ඒ දවස් ටිකේ දහම් පාසලට ගියේ නෑ.

ඉතින් එදත් චතුර දහම් පාසල් ගියා. ඔය කාලේ දහම්පාසලේ විනය ඇඳුම් ගැන එහෙම භාරව තිබුනේ ලොකුඅම්මාට තමයි. ඔන්න ඉතින් සරමක් ඇඳගෙන ගියේ නැති නිසා ලොකු අම්මත් කිව්වා ඊළඟ දවසේ නම් කොහොම හරි අම්මාට කියලා සරමක් මහගෙන ඇඳන් එන්න කියලා.දැන් ඉතින් චතුර ගෙදර ඇවිල්ල අම්මට කිව්ව එන සතියේ නම් කොහොම හරි සරමක් මහලා දෙන්න ඕනේ කියලා, ඉතින් අම්මත් කිව්ව එන සතියේකොහොම හරි මහලා දෙන්නම් කියලා. ඒත් ඉතින් දන්නවනේ ඔය කාලේට මොකක් හරි හම්බ වෙනවා කිව්වම තියෙන නොඉවසිල්ල , ඔන්න ඉතින් හවස තාත්තා ආවමත් කීප පාරක්ම කිව්වා "තාත්තේ ලොකු අම්මා කිව්ව සරමක් මහගෙන ඇඳන් එන්න කියලා". ඉතින් දවසම මහන්සි වෙලානේ තාත්තත් ඇවිත් හිටියේ ඔය කන්දොස්කිරියාවෙන් බේරෙන්න හිනා වෙලා එහෙම තාත්තා මෙහෙම කිව්වා"එහෙම එක සතියෙන් සරමක් මහගෙන යන්න රෙදි ගන්නේ කොහොමද..?  කියන්න ලොකු අම්මට ,සරමක් මහගන්න ලොකු අම්මගේ සාරියෙන් කෑල්ලක් කපලා දෙන්න කියලා ඊළඟ දවසේ .."

ඔන්න ඊළඟ දවසෙත් චතුර දහම් පාසල් ගියා ඒත් අම්මට වැඩ වැඩි නිසා සරමක් මහලා දෙන්න හම්බ වුනේ නෑ. යන්න ලෑස්ති වෙලා අම්මා කිව්වා ඔන්න ඔහේ අදට විතරක් ඕක ඇදන් යන්න කියලා. ඔන්න ඉතින් චතුරත් ඕක ඇදන් දහම් පාසල් ගියා. එදා ලොකු අම්මා සරමක් මහලා ඇඳන් ආවේ නැත්තේ ඇයි කියලා ඇහුවේ රැස්වීම උදේ රැස්වීම මැද්දේ. ඔන්න ඉතින් චතුරත් පැනපු ගමන් කිව්වේ එකපාරටම මතක වෙච්චි තාත්තා කිව්ව කතාව."ලොක්කම්මේ තාත්තා කිව්ව එක පාරටම සරම් මහන්න රෙදි ගන්න බෑ , සරමක් මහ ගන්න ලොකු අම්මගේ සාරියෙන් කෑල්ලක් කපලා ඉල්ලගෙන එන්නය කියලා", ඕක අහපු ලොකු අම්මගේ මූණ රතු වුනා, අනික් ළමයිනුත් හිනා වුනා. උදේ රැස්වීමට පන්සිල් දෙන්න වැඩලා හිටපු පන්සලේ පොඩි හාමුදුරුවන්ටත් හිනා. ලොකු අම්මා ඉතින් චතුරට මොනවත් කිව්වේ නෑ, එදත් ඉතින් චතුර දහම් පාසල් ඇරිලා ගෙදර ගියා..

ඔන්න හවස ලොකු අම්මා එනවා ගෙදර, ඇවිත් අම්මාට කිව්වා විස්තරය. අම්මත් ඉතින් මොනවත් කියන්නේ නැතුව අහගෙන  හිටියා. ඊට පස්සේ ලොකු අම්ම ගියාට පස්සේ තාත්තා එක්ක කියනවා අන්න ඔයා කියපු එක පුතා අකුරක් අඩු කරන්නේ නැතුවම ගිහින් කියලා. තාත්තටත් ඉතින් වැඩේට හිනා..

එදායින් පස්සේ චතුරගේ තාත්තා චතුරට මොකක් හරි කියනවා නම් දහපාරක් විතර හිතුවලු.

චතුර....

16 comments:

හපොයි! උඹත් පොඩි කමට කරලා තියෙන දේවල්...හික් හික්!!

පුසා වගේ හිටියට හොද හොද වැඩ කරලා තියෙන්නේ...

ලොකු අම්මට පොලෝ පලාගෙන යන්න හිතෙන්න ඇති නේ පුතන්ඩියාගේ කතාවට. පොඩි කාලේ මූ එසේ මෙසේ කැන්ඩියෙක් නෙමේ නේ. හික්ස් :)

අනේ මන්දා... මේ කියාගෙන යන හැටියට උඹට පරිප්පු කෑමවලුත් දෙක තුනක් හරි සෙට් වෙලා තියෙන්න ඕනේ...

චතුරයත් කොරන්නෙ මරු වැඩ තමයි...

චතුරගේ තාත්ත හොද පාඩමක් ඉගෙනගන්න ඇති පුතන්ඩිය ගැන.

හික්ස්..ඔයා මගේ පෙර භවයක සහෝදරයෙක්වත්ද මන්දා අනේ....

හි හී ලොකුඅම්ම හින්දම හොඳයි ඉතින්..

නියමයි! නියමයි! කාලෙකින් අහපු සිරා කාතාවක්.මම දහම් පාසල් ගිහින් මුල් දවසෙ ආවේ සරම නැතුව කලිසම පිටින් :-D

"එදායින් පස්සේ චතුරගේ තාත්තා චතුරට මොකක් හරි කියනවා නම් දහපාරක් විතර හිතුවලු."
තාමත් එහෙමලු..:D

අන්න එහෙමයි ඉන්න ඕන. දෙමව්පියො කියන දේ ඒ විදියටම කරන්න ඕන. :P

මමනම් සරම ඇන්ඳේ ජීවිතේට එක පාරයි !! ..

තාත්තාට උඹ ආඩම්බර ඇති මචං !! හක්ක හක්ක :)

එළම තමා.පොඩි ඈයො ඉතිං දන්නෙ ලොකු ඈයො කියන එව්වා එහෙම්මම කරන්ඩනෙ.මෙව්වා අපි කාටත් හොඳ පාඩම්

@ blog gadol

ඒකනේ නේද ..?
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති සහෝ..

@ රතු මුහුද

හිකිස් කොරාපු වැඩ නම් කියලා වැඩක් නෑ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති සහෝ..

@ මධුරංග

ඒකනේ එහෙම හිතෙන්න ඇති..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති සහෝ..

@ මාළු යාළු (Prasanna)

එහෙම වෙලා නැත්තෙත් නෑ
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති සහෝ..

@ ප්‍රසංග

ඒකනේ මරේ මරු වැඩ තමා..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති සහෝ..

@ Praසන්ன

ඔව් ඔව් ඉගෙන ගන්න ඇති..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති සහෝ..

@ අසනි

වෙන්ටැති වෙන්ටැති.
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති යාළු..

@ පැණි දොඩම් (නුවන් කුමාරනායක )

ලොකු අම්ම නිසා තමයි බේරුනේ
මුල්ම වතාවට මේ පැත්තේ ආවට තුති සහෝ..

@ ඇනෝ

ඒකනේ ..
මේ පැත්තේ ආවට තුති යාළු..

@ නාකියා

තාමත් එහෙමලු (ලොල්ය )
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති සහෝ..

@ Kasun

නැතුව නැතුව එහෙම නැතුව හරි නෑනේ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති සහෝ..


@ හිස් අහස

ඔව් ඔව් ආඩම්බර ඇති
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති සහෝ..

@ දිනුක ජයකොඩි

ඇත්ත සහෝ..
මුල්ම වතාවට මේ පැත්තේ ආවට තුති සහෝ..

Post a Comment