Wednesday, August 10, 2011

දේශන අතරතුර - 03




 කියෙව්වේ නැත්නම් කියවන්න.



මේ සිදුවීම සිදුවුනේ අපේ පළවෙනි වසරේ තුන්වෙනි අධ්‍යයන වාරෙදි. මේ මිත්‍රයා මුස්ලිම් ජාතිකයෙක්. මේ කාලේ තමයි තුනවන අධ්‍යයන වාරේ පටන් ගත්තුම කාලේ. ඒ කියන්නේ අගෝස්තු මැදහරියේ විතර. ඒ අවුරුද්දේත් මේ වගේ කාලේ තමයි. ඔන්න ඉතින් ඒ කියන්නේ මුස්ලිම් ජාතිකයන් නෝම්බි සමරන කාලෙනේ.

 ඔන්න ඉතින් මේ යාළුවත් ඉතින් නොකා නොබී එහෙම තමයි උදේ ඉඳන් ඉන්නේ. ඒ දවස් වල මෙයා තවත් අමතර විභාගයකටත් පාඩම් කළා , ඉතින් ඒක නිසා ටිකක් නිදි මරලත් එහෙම තමයි එන්නේ .

 ඔන්න ඉතින් මෙයා එදත් එහෙම පාඩම් කරලා එහෙම තමයි ඇවිත් හිටියේ. එදා හවස එකට විතර ලැබ් සෙෂන් එකක් පටන් ගත්තා. ඔය වෙලාවට කාලා එහෙම කාටත් මොනතරම් ආසා හිතෙන පාඩමක් කෙරුවත් නින්ද යන වෙලාවනේ . එදා කරපු පාඩමත් ටිකක් නිදිමත එකක්. ඒ දේශක තුමාත් උගන්නන කොට ටිකක් අහන් ඉන්න අමාරුයි එපා වෙනවා, කියවගෙන කියවගෙන යන එක්කෙනෙක්. ඉතින් ටිකක් මේ වෙලාවට නිදිමත හැදෙනවා.

 ඔන්න ඉතින් මේ වෙලාවේ මේ නොකා නොබී නිදි වරලා හිටිය මේ යාළුවටත් හොඳටම නිදිමත ඇවිල්ලා ළඟ හිටපු එකාට ස'ර් ළඟට එනවන් ඇහැරවන්න කියලා පොඩි නින්දක් දාල. ලැබ් සෙශන් එකක්නේ ස'ර් ට හරියට කට්ටියව පේන්නෙත් නැති නිසා ලේසියෙන් නිදා ගත්තැකි. මෙයා තව ඒ දවස් වල බයෙන් හිටියේ දවස් දෙක තුනක් එන්න බැරි වෙච්ච නිසා සීයට අසූව නැති වෙයි කියලා, පැමිණීම ළකුණු කරන කොට මෙයා හැම වෙලාවෙම විපරමෙන් තමයි හිටියේ මෙයාගේ නම මඟ ඇරෙයි කියලා. 

ඔන්න පාඩමත් ටික වෙලාවක් කරගෙන යනවා. කවුරුවත් වෙන වැඩක් නෑ ස'ර් ලැබ් සෙෂන් එකේ කරන පාඩම කවුරුත් අත් හදා බලනවා. ඔන්න ඔය අතරේ එක පාරටම නැඟිටපු මෙයා Number 1 is presentකියලා කිව්වා. 

ඔන්න ස'ර්ටත් මේක මීටර් නෑ ස'රුත් මෙයාගේ මූණ දිහා බලන් ඉන්නවා. ඒ පාර මෙයා තවත් හයියෙන්  Sir number 1 is present කියලා කිව්ව එතකොට තමයි ඔක්කොටම තේරුනේ මෙයා හීනෙන් පැමිණීම ළකුණු කරනවා කියලා හිතාගෙන නැගිටලා කියලා.ඔක්කෝටම හිනා, 

මෙයාට නිදිය ගත්තු එකට දඬුවම විදියට නිදිමත නැති වෙනකම් හයවෙන්නි තට්ටුවේ ඉඳලා පළවෙනි තට්ටුවට බැහැලා තියෙන පඩි ටික ගණන් කරගෙන එන්න කිව්වා.මෙයත් විනාඩි පහක් ගියේ නෑ ආයිත් ඇවිත් පඩි ගණන කිව්වා . ස'ර් ගත් කටටම කිව්වා ඕක නෙවෙයි ගණන හරි ගණන ගැනගෙන ආවම කියන්නම් කියලා. මෙයා ඊට පස්සේ හරි ගණන ගැනගෙන ආවම තමයි ආයිත් ඇතුලට ගත්තේ. වෙලා තියෙන්නේ මෙයා එක තට්ටුවක් බැහැලා ඒක හයෙන් වැඩි කරලා. ඒත් මුල් තට්ටු දෙක අතර අනික්වට වැඩිය පඩි සංඛ්‍යාවක් තියෙනවා..


මේ සිද්ධිය වුනෙත් තුන්වෙනි අධ්‍යයන වාරෙදිම තමයි.  මේ කියන දවස් වල ව්‍යාපෘති වඩ කටයුතු වගයක් සහ විභාගයක් එක ළඟ යෙදිලා තිබුනා , ඔන්න ඉතින් කට්ටිය ගජරාමෙට නිදි මරන් ව්‍යාපෘතිය කරනවා සහ විභාගේට පාඩම් කරනවා. මේ කියන සිදුවීම සිදුවෙච්චි දේශනය තිබ්බේත් දිවා ආහාර වේලෙන් පස්සේ . ඔන්න ඉතින් නිදිමත හැදෙන එක අහනත් දෙයක් යැ. ඒ මදිවට නිදාගන්නේත් නැතුව ඉන්න අයනේ. 

ඔන්න ඉතින් දේශනෙන් ටික වෙලාවක් යද්දී පිටිපස්සේ ආසන වල කට්ටිය හොඳටම නිදි අනිත් අයත් අත් දෙකට මූණ තියන් හරිම අමාරුවෙන් ඇහැරගෙන ඉන්නවා.මේ කියන යාළුවත් හරිම නිදිමතෙන් අත්දෙක තියාගෙන අත්දෙක උඩ මූණ තියාගෙන අමාරුවෙන් ඇහැරගෙන හිටියේ. 

මෙයා කණ්නාඩි දාන එක්කෙනෙක්. ඔන්න ඉතින් ටික වෙලාවක් යද්දී මහා සද්දයක් ඇහුන , දේශනයක් මැද්දේ නිසා තරමක සද්දේට ඩග් ගානවා ඇහුනා. බැලින්නම් අර යාළුවා නින්ද ගිහින් මේසෙට මූණ වැදෙන විදියට කෝම හරි තදින් නිදිකිරා වැටිලා. පස්සේ මිනිහා ඔළුව උස්සද්දී තමයි දැක්කේ මිනිහාගේ ඇස් දෙක වාසනාවට බේරිලා තියෙන්නේ කියලා. වැටිච්චි පාරට මේසේ වැදිලා කණ්නාඩිය කැඩිලා ඒත් වාසනාවට ඇහේ නෙවෙයි ඇහැ අයිනට කණ්නාඩියේ රාමුව කැඩිලා වැදිලා තිබුනේ. කාචය ප්ලාස්ටික් නිසා රාමුවෙන් ගැලවිලා තිබුනා මිසක් බිඳිලා තිබුනේ නෑ. 

චතුර....

8 comments:

හීනෙන් නම් මාර්ක් කරලනේ කොල්ලා. පට්ට කතාව. ඒකට වහ කන්න හිතෙන්න ඇතිනේ. දෙවෙනි කතාවත් පට්ට වෙනවා වීදුරු කටු එහෙම ඇස්වල ඇනුනා නම්. කොහේ ඇනෙන්නද ඇස් දෙකම පියවෙලානේ.

හික්ස්..කිව්වට මොකද ඊයේ අසනිටත් දේශන අතරේ නින්ද ගියා.. ඇස් ඇරෙනවා..වැහෙනවා..හීනෙන් වගේ හිටියේ..(ප්‍රොජෙක්ට් නම් එපෝ)

නියම කතා දෙකක්...

හික් හික්!! අපෙත් හිටියා ඔහොම දේශනවල නිදාගන්න එවුන්

@ මධුරංග

ඒක නොවැ, වහකැවේ නැති එක විතරයි
මේ පැත්තේ ආවට තුති..

@ අසනි

ඔව් ඔව් දවල්ට ඉතින් නින්ද යන දවස් නැත්තෙත් නෑ..
මේ පැත්තේ ආවට තුති..

@ blog gadol

ඒකනේ නිදා ගන්න එවුන් ප්‍රසිද්ධයි
මේ පැත්තේ ආවට තුති..

හාපෝ ඔය හවස් වරුවෙ දේශන ගැන කියල වැඩක් නෑ.. සමහර එවුන් දොයි... සමහර එවුන් ෆෝන්වල ගේම් ගහනවා.. තවත් උන් විකාර රූප අඳිනවා...

ලෙක්චර්ස් වල නිදා ගන්න එක නම් මතක් කරන්න එපා. ලෙක්චර් එක පටන් ගන්නකොට කොච්චර හොඳට හිටියත් විනාඩි 30 යනකොට නිදි.

හිකිස් ලොල්...මට ලෙක්චර් කරන කෙනාගේ මූන බලන් නින්ද යනවා

@ ප්‍රසංග

අපි නම් තාම රූප ඇඳලා නෑ, ඒත් හැමෝම ඔය වගේ තමයි.
මේ පැත්තේ ආවට තුති..

@ Kasun

ඒකනේ කියලා වැඩක් නෑ..
මේ පැත්තේ ආවට තුති..

@පිස්සු පූසා

තාම මටනම් එහෙම වෙලා නෑ
මේ පැත්තේ ආවට තුති..

Post a Comment