Monday, August 8, 2011

ආදරයක්ද .. ? තරඟයක්ද .. ?




දුරකථනය නිවා දැම්මොත්
පසුදිනට "ඔබ ඇමතු දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න "
"මම පොඩි වැඩක ඉන්නේ ගෙදර ගිය ගමන්ම ගන්නම්"
පසු දිනට"මම පොඩි වැඩක ඉන්නේ පස්සේ ගන්න "
මොකද කරන්නේ..? "මම පාඩම් කර කර හිටියේ."
පසුදිනට "මම පාඩම් කරනවා පස්සේ ගන්න"
"අපි හෙට හම්බ වෙමුද..?" " බලමු"
පසුදිනට මම වෙන වැඩක් කරන විට "මම අද ගෙදර ඉන්නේ.."
ඇමතුමක්, "ඔයා මොකද කරන්නේ ..?" "මම පොතක් කියව කියව හිටියේ .."
පසුදිනට " මේ ඔයා අර අහවලාගේ මේ පොත කියවලා තියෙනවද..? එතකොට අර පොත , එතකොට අර අරයගේ පොත් ?"
ඇමතුමක් ,"ඔයා කොහෙද ඉන්නේ..?" "මම මේ කලින් අධ්‍යයන වාරේ ප්‍රතිඵල බලන්න ආවා" 
පසුදිනට "මට ගිය අවුරුද්දේ විෂයන් වලට මේ ප්‍රථිඵල තියෙනවා , එතකොට මේ අවුරුද්දේ ඒවට මෙහෙමයි තව මේ......."
ඇමතුමක් "ඔයා මොකද කරන්නේ ?" "මම මේ සින්දුවක් අහනවා"
පසුදිනට "මේ අර අහවල් ගායකයගේ අර සිංදුව හරිම ලස්සනයි , එතකොට ඔයා අර අහවල් ගායකයාගේ සිංදු අහලා තියෙනවද..?"
මුහුණු පොතට ලැප්ටොප්  පින්තූරයක් දැමීම
පසුදිනට "මේ මගේ ලැප් එකේ වේගේ ඔයාගේ ලැප් එකට වැඩිය වැඩියි"
මේක ඇත්තටම ආදරයක්ද ..? තරඟයක්ද..?

Picture source : http://www.sauce-music.com/Art.asp Accessed on 08th August 2011 07.00 [Online]

චතුර....

14 comments:

අනේ මන්දා...

මේක ආදරේකට වඩා තරගයක් නේ.
අම්මෝ මෙහෙමත් ආදර කතා තියෙනවද !!!!

@ rmpmcreation

මටත් හිතා ගන්න බෑ "අනේ මන්දා" තමයි
මේ පැත්තේ ආවට තුති..

@ මධුරංග

තරඟයක් කියලා මටත් හිතුන වෙලා අනන්තයි, ඔව් ඔව් ඔය මගේ ආදර කතාවේ එක් පැත්තක්..
මේ පැත්තේ ආවට තුති..

ඕකට හොදම විසදුම තමයි එක්කෙනෙක් සෙකන්ඩ් වෙන එක.
මෙන්න මෙහෙම:
"ගෙදර ගිය ගමන්ම ගන්න....."
"පාඩම් කරලා ඉවර වෙච්ච ගමන්ම මට මිස් කෝල් එකක් දෙන්න....මම බලන් ඉන්නවා."
"ඒ පොත නං මාරයි..ඔයා නියම පොත්නේ කියවන්නේ/අනේ...මම ආසාවෙන් ඉන්නෙ ඒපොත කියවන්න, මට ඒක දෙන්නකෝ..."
"ඔයා ඉතින් බ්‍රයිට්නේ...."
"මාත් කැමතියි ඒ සින්දුවට...."
"ඔයාගේ ලැප් එක නං ..... "

ඕං ඕකයි පිලියම.අත්දුටුවයි!සත්තයි!හරිගිය පසු ගාස්තුව ගෙවන්න!

@ රාජ්

හොඳයි හොඳයි කිව්ව එක හොඳයි..
කරලා බලන්නම් ඒත් තව එක ක්‍රමයක් අත් හදා බැලුවා ඒකත් වැඩ කළා..
ඒක වෙන පෝස්ට් එකකින් කියන්නම්..
ඔබතුමාගේ ක්‍රමයත් නරක නෑ..
කරලා බලලම කියන්නම් ..
මේ පැත්තේ ආවට තුති..

සමහර අය හරි පණ්ඩිතයිනෙ..... පණ්ඩිතකම වැඩි උනාම ඔහොම වෙනවා.

මම නම් ආස නෑ බොරුවට ගනන් උස්සනවට. මට ඔය වගෙ කිව්වනම්.....එතැනින් එහාට නෑ. මොකද....ආදරෙ කරන්නෙ දෙන්නම...දෙන්නගෙම ආදරේ රැකගන්න එක දෙන්නගෙම වගකීමක්....වගකීමක් නැතුව හසිරෙන එක විහිළුවක්.....

ඔයා එයාව අගය කරන්න... එතකොට එයාට ඔයාව අගය කරන්න වේවි... තරඟයක් නෑ එතකොට...

අපෝ ෂෝ දාන එක නම් හෙනම අවුල්...අනිත් කෙනා පහත් කරලා සැලකීම එකටත් වඩා අවුල්

රාජ් ගේ ක්‍රමය හොදයි එක අනුගමනය කරන්න

@ දිල් අක්කා

ඇත්ත පණ්ඩිතයොත් එක්ක බෑ තමයි.ඔව් වගකෙමක් නැතුව බොළඳ නාටක පෙන්වන්න යන එක මෝඩ කමක්.
මේ පැත්තේ ආවට තුති..

@ ප්‍රසංග

කරලා බලමු නේද..? හැබැයි සහෝ එතකොට මට එයාව අල්ලන්න රොකට් එකක් අරන් හඳට යන්න වුනොත් එහෙම..
මේ පැත්තේ ආවට තුති..

@ deeps

අවුල්දත් අහනවා, හැබැයි ඉතින් ඕක මෝඩ කමනේ නැත්නම් තව කෙනෙකුට ඔහොම මෝඩ උද්දච්ච කමක් පෙන්නන යන්නේ නෑනේ..
මේ පැත්තේ ආවට තුති

@ පිස්සු පූසා

හොඳයි හොඳයි
ඔව් ඕව් කරලා බලමු හැබැයි වෙන ක්‍රමයක් හරි ගියා, ආයිත් ඕනේ වුනොත් මේකත් කරලා බලමු, අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියලත් කියනවනේ..
මේ පැත්තේ ආවට තුති..

අයියෝ මගෙන් පෝස්ට් එකක් මග ඇරිලා..මොනා කරන්නද යාලු වැඩ දැන් හොදටම..

වෙලාවකට ඔයා කියන කතාව ඇත්ත..ඔය වගේ සිදුවීම් තියෙනවා..ඕක වෙන්නේ මට හිතෙන විදියටනම්..අනිත් කෙනාට තමන් වටින කෙනෙක්, තමනුත් යමක් කමක් තේරෙන කෙනෙක්,තියෙන කෙනෙක් වගේ පෙන්නන්න හිතුනාම..කරන හරි බොලද වැඩක්..

කරන්න ඕන අනිත් කෙනාට අවබෝධ වීමට ඇරිම මිසක්..උලුප්පා තරගයකට වැදීම නෙමේ..

@ අසනි

ඔව් ඔව් දන්න කියන එක පෙන්නන්න යන එක සමහර අයගේ පුරුද්දක්නේ, ඔව් තැන දීලා හිටියම ඉවරනේ මොකද ඉතින් ඕක පොඩි හීන මානයක්නේ..
වැඩ වැඩී තමයි මොනව කරන්නද..? ඉඩ තියෙන හැටියකට කියවමුකෝ යාළු තරහක් නෑ..
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

අම්මෝ මෙහෙම ආදරේ කරන්න ගියෙත් නම් ඔලුවේ අමාරැව හැදිලා තමයි නතර වෙන්න වෙන්නේ.

@ batti

ඔව් ඔව් එහෙම වෙන්නත් බැරි නෑ.. :P
වෙනදා වගේ මේ පැත්තේ ආවට තුති..

Post a Comment