Wednesday, August 10, 2011

දේශන අතරතුර - 02


මේ කතාවත් අර දමිළ දේශකතුමා සහ අර අනිත් මිත්‍රයා සම්බන්ධවයි.මිත්‍රයා සහ දේශකතුමා ගැන කියෙව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න. ඔන්න අර කළින් එකේදි ඒ දේශකතුමා අපේ මිත්‍රයාට ගෑනු ළමයයි නොකියා ගෑනු ළමයයි කිව්වනේ.

ඔන්න ඉතින් මේ මිත්‍රයයි තව එයාගේ යාළුවෝ දෙන්නෙකුයි එහෙම ස'ර්ව කේන්ති ගස්සන වැඩක් කරන්න දින ගැන ගැන හිටියේ. ඒත් ඉතින් ස'ර්'ව මොනවා කළත් කේන්ති ගස්සන එක නම් ලෙසි නැති නිසා මේ යාළුවෝ ටික තීරණය කරලා තිබ්බේ කඩාකප්පල් කාරී ශබ්දයක් හරි වෙන ඒවගේ දෙයක් හරි කරන්න.

 ඉතින් එදත් මේ කට්ටිය ටිකක් දේශන ශාලාවේ මැදහරියට වෙන්න ඉඳගෙන හිටියේ.දේශකතුමා දේශනයට දාල රූපසටහනක් බෝඩ් එකේ අඳිනවා පැහැදිලි කරන්න.ඔන්න මේ අතරේ අර සෙට් එකෙන් එකෙක් ස'ර්ට ඇහෙන්න දැම්ම පළවෙනි සද්දය.

ඒක තමයි අර සිංහලෙන් Flirt Whistle කියලා කියන විසිල් එක.අර සාමාන්‍යයෙන් ගෑනු ළමයින්ට ඇහෙන්න ගහන විසිල් එක.  අහලා නැත්නම් මෙතන තියෙනවා අහන්න.  





ඔන්න ඉතින් පළවෙනි පාරට ඕක කාගේ හරි ෆෝන් එකක දැම්මට ඇහුනේ නෑ. ඉතින් දෙවෙනි පාර ඕක සද්දෙ වැඩි කරලා හොඳට ඇහෙන්න දැම්මා.ඔන්න ඒ පාර නම් ස'ර්ට ඕක ඇහුනා . 

බෝඩ් එකේ අඳින එක නවත්තලා හැරිලා බැලුවා සද්දය ආපු පැත්ත.ස'ර් බලන කොට ඉතින් මේ කට්ටිය බිම බලාගෙන හිනාවෙනවා. ඒ වෙලාවේනම් ස'ර්ගේ  මූනේ තිබ්බේ කේන්ති ගිය පාටක්. ඉතින් ඔක්කොම හිතුවේ අදනම් වැඩේ හරි තමා කියලා.

ටිකක් වෙලා කන්න වගේ බලන් හිටපු ස'ර් එදත් අර පල් හිනාව දාලා අර බිම බලන් හිටපු එවුන් ටික දිහා බලලා මෙහෙම කියනවා . "Guys, I'm straight and I have two kids...."එදාට පස්සේ නම් එකෙක්වත් ස'ර් එක්ක විහිළු කරන්න ගියේ නෑ.


මේකත් වුනේ දෙවෙනි අධ්‍යයන වාරෙදි. මේකෙදි එක විෂයකට ආවේ තරුණ දේශක තුමෙක් . මෙතුමා උපරිම වශයෙන් අපිට වැඩිය අවුරුදු තුනක් හරි හතරක් හරි වැඩිමල් ඇති. පළමු පන්තියේ සාමාර්ථයක් අරගෙන උපාධිය ගත්ත නිසාවෙන් තමයි මුළින්ම දේශන වලට ඉල්ලුම් කරලා තියෙන්නේ.

 ඔන්න ඉතින් මෙයා දේශන පැවැත්තුවට කවුරුත් මෙයා ඉන්නවද කියලාවත් ගණන් ගන්නේ  නෑ. කොටින්ම කිව්වොත් ස'ර් ශාලාවේ හිටියත් නෑ වගේ තමයි.ඉගෙන ගන්න අය අහන් ඉන්නවා අනිත් අය එක එක සෙල්ලම්. කෙල්ලන්ට එක එක එව්ව කරන එක , නිදා ගන්න එක වගේ එව්වා.

මේකුන්ට බැන්නොත් කොහොමටවත් පාලනය කර ගන්න බැරි වෙයි කියලා හිතපු ස'ර් කළේ තමන්ට එව්ව ඇහෙන්නේ නැති විදියට දේශනය අහන් ඉන්න අයට විතරක් දේශනය කරලා යන්න ගිය එක. මේ කියන දවසෙත් මේ ස'ර් ගේ දේශනයක් , ඒත් ස'ර්ට වෙන මොකක් හරි වැඩක් තිබ්බ නිසා ප්‍රශ්න වගයක් කරන්න දීලා ගියා. 

ඉතින් කොල්ලන්ටත් නිකන් ඉන්න බෑනේ ඔය ගෑනුළමෙක් අයිනේ වාඩි වෙලා හිටපු මිත්‍රයෙක් ඒ ගෑනු ළමයගේ පෑන් පැන්සල් දාන පර්ස් එක අරගෙන තින් අත යවනවා. (කියන්න එපා ඉතින් තාම කරන්නේ පහේ පන්තියේ වැඩ කියලා..). ඔය ප'ර්ස් වල පෑන් පැන්සල් ලක්ෂයක් විතර දාන්න තරම් සයිස් එව්වනේ ගන්නේ. මේකත් තරමක ලොකු එකක්. 

ඔන්න ඉතින් අතින් අත යවන කොට අර ගෑනු ළමය කෑ ගහනවා ඕක දෙන්න කියලා. ඒත් ඉතින් ඔය වෙලාවට ඕක දෙන එකක් යැ. ඔය අතරේ ඕක මඟදි නැවතිච්චි තැනක එකෙක් ඕක ඇරලා බලල ඇතුලේ මොනවද තියෙන්නේ කියලා.කොහොම හරි ඕකේ තිබිලා තියෙනව අර ගෑනු ළමයි අසනීප වුනාම හදිසියට භාවිතයට ගන්න ජාතියේ දෙයක්(චන්ද්‍ර මාසෙකට සැරයක් හැදෙන ලෙඩේ ). 

කවුද දන්නේ ඔය අලි සයිස් පර්ස් වල එව්ව තියෙනවයි කියලා.අනික කොල්ලෝ ඔය එව්ව හරියකට දැකලා තියෙන එකක්යැ. ඔන්න අරුත් ඕක එළියට අරන් (ඕක තිබ්ලිලා තියෙන්නේ පොඩි පොලිතින් එකක වගේ ඔතලා ) ඒ මොකක්ද බන් මේ සිලි සිලියේ තියෙන ස්පොන්ජිය කියලා උස්සලා අර ළමයාට පෙන්නල ඇහුවා. ඕක දැක්ක විතරයි අර ගෑනු ළමය අඬන්න ගත්තා, අනික් ගෑනු ළමයි ඔක්කොම කන්න වගේ කොල්ලෝ සෙට් එක දිහා බලන් ඉන්නවා. 

ඔය අතරේ කන්න වගේ බලන් හිටිය ගොඩෙන් අපේ රෙපී නැඟිටලා ඇවිත් "තමුසෙලටත් ඕනේ මඟුලකුත් නෑ එපා මඟුලකුත් නෑ"කියලා පර්ස් එකයි අර අනිත් එකයි උදුරගෙන ගස්සගෙන ගිහින් අර ගෑනුළමයට දුන්නා.ඊට පස්සේ තමයි එකෙකුට මීටර් වෙලා කිව්වේ ඕක අහවල් එකක් වෙන්න ඇතිය කියලා.එදා ඉඳන් අර යාළුවට සිලි සිලියේ ස්පොන්ජි කිව්වම පරම්පරාවම මතක් කරලා දෙනවා.

අවුරුද්දක් විතර යනකන් සමාව ඉල්ලුවත් කෙල්ල නම් කොල්ලා දිහා සමාව දෙන්න තියා පැත්තවත් බැලුවේ නෑ. කොටින්ම කිව්වොත් බැච් එකේ එක කොල්ලෙක් දිහාවත් බැලුවේ නෑ.පස්සේ ඉතින් සමාව ඉල්ලලා තියෙන තරම කියන්නේ දෙවෙනි අවුරුද්ද පටන් ගන්න කොට මේ දෙන්න ආවේ ආදරවන්තයෝ වෙලා..


චතුර....

10 comments:

ඇත්තටම බොලත් කොරන 5 පන්තියෙ වැඩ...ඔය කෙල්ලනුත් උබලයි පර්ස් ඇදල අරන් ඕවැයි තියෙන බැලුම් මොනාද කියල අහන්න ගත්තනම් තමා වැඩේ....

ඇත්තටම කවුද බොලව් දන්නේ ඔහොම එවුවා ගෑනු ළමයින්ගේ පර්ස් වල තියෙනවාය කියලා. අපි හිතන්නේ අපේ පැන්සල් පෑන් වගේ දේවල් විතරයි පර්ස් වල තියෙන්නේ කියලා.

වෙනදා වගේ අර උඩ තියෙන වීඩියෝ එකෙන් වෙන්නේ මොනාද ?

@ ප්‍රසංග

ඔය බැලුම් අරන් හැම තැනම යන රටක් තියෙද බොල..
මම බැලුන් දැක්කේ හැබැයි දවසක් එකෙක් ගෙනල්ලා පෙන්නපුවම තමා..ලොල්
මේ පැත්තේ ආවට තුති..

@ මධුරංග

ඒකනේ කියන්නේ , කවුද දන්නේ ඇඳුම අල්මාරියම ඕකට ඔබන් එනවා කියලා, අපිනම් ඔන්නම් වැඩිම වුනොත් පෑනක් දෙකක් නේ දාගන්නේ
අර විසිල් එක අහලා නැති අයට අහන්න දැම්මේ. ඕකනම් ඔබතුමාගේ කනෙක්ශන් එකෙන් පෙනෙයි තත්පර තුනයි..
මේ පැත්තේ ආවට තුති..

කොහොම හරි කෙල්ලගේ පසුම්බිය ඇදලා ඒ ඇදපු කොල්ලට හොඳක් වුණා නේ . ඒකම මදෑ සතුරු වෙන්න .

ඇයි දන්නෑ නේද බං ඒ ළමයා අරව්ගේ ආවුදයක් පර්ස් එකේ තියාගෙන හිටියේ .

කොහොමහරි ඉතින් දැන් දෙන්නා කපල් නේ :)

@ හිස් අහස

ආවුදේ එදා දවසේ ඕන වුනොත් කියලා එහෙම වෙන්න ඇති..
මේ පත්තේ ආවට තුති..

@ ChammA

ඒකනේ අවුලක් නැහැනේ..
මේ පැත්තේ ආවට තුති..

"Guys, I'm straight and I have two kids...."

ඩයල් එකට මාර කටක් නෙ තියෙන්නෙ. අරුන් දෙන්න හොල්මන් වෙන්න ඇති. අර දෙවනියට කිව්ව වගේ වැඩක් කරල බලන්න ඕන එහෙමවත් කෙල්ලෙක් සෙට් වෙයිද කියල බලන්න.

@ Kasun

හික්ස්ස් මාර කටක් තමා.
කරලා බලල අපිටත් කියන්න මේ පැත්තේ ආවට තුති..

හිකිස්...ඒකනේ අපි දන්නවැයි ඕවා පර්ස් ඇතුලේ දාගෙන ඉන්නවා කියලා

"පස්සේ ඉතින් සමාව ඉල්ලලා තියෙන තරම කියන්නේ දෙවෙනි අවුරුද්ද පටන් ගන්න කොට මේ දෙන්න ආවේ ආදරවන්තයෝ වෙලා.."

මෙන්න කතා කිව්වලු. මටත් කැම්පස් එකේ කෙල්ලෙක් කිව්වේ. වැඩියෙන් බයිට් කරන්නේ වැඩියෙන් ආදරේ අයවලු :) අනේ මන්දා

Post a Comment