
ටිකක් හිතට හරි නැති වුනත් ඔන්න කල්පනා කර කර ඉන්න කොට මටත් ලියන්න මාතෘකාවක් මතක් වුනා.
මේකට පාදක වුන කතාව ඇති වුනේ පහුගිය දවසක පවුලේ ඔක්කොමත් එක්ක මමත් සහභාගි වෙච්චි වන්දනා ගමනකදි. වන්දනා ගමන ගියේ කොහාටද කියල කියන්න නම් ඕනී නැහැ කියලා හිතනව , ඒත් ගියේ රටේම ප්‍රසිද්ධ ස්ථානයකට. ඔතන රථගාලේ ඉඩ නැතුව ටිකක් එහාට වෙන්නට තියෙන ස්ථානයකතමයි අපි වාහනය නැවැත්තුවේ. ඉතින් ආපහු ආවම ගෙනිහින් තිබුන කෑම වගයක් කාලා ඉවර වෙලා ඒවා දාල තිබුන කවර ඒ කියන්නේ ඇසුරුම් විසි කරන්න ගියහම තමයි මේ ප්‍රශ්නය ඇති වුනේ. එම ස්ථානයේ වාහන නවත්වලා ආහාර අරගෙන ඒවා තැන තැන දමා ගොස් තිබුන අතර තරමක් අපවිත්‍ර වී තිබිණ.
ප්‍රශ්නය ඇති වූයේ මා අපගේ ඉවත ලන දෑ ඉවත නොදමා වෙනත්කුණුදමන ස්ථානයකින් බැහැර කිරීමට වෙනම කවරයකට දමා ගත් අවස්ථාවේදීය. මගේ ඥාතී සොහොයුරාගේ අදහස වූයේ අනෙකුත් පිරිසුත් එම ස්ථානයේම අප ද්‍රව්‍ය බැහැර කර ඇති නිසා අප පමණක් අපද්‍රව්‍ය එම ස්ථානයේ බැහැර නොකර ආපසු රැගෙන යා යුත්තේ ඇයිද යන්නයි. නමුත් කෙසේ හෝ අවසානයේ අකමැත්තෙන් වුවත් කරුණු පහදා දුන්පසු අනෙක් සියල්ලන්ම අප එසේ අනෙක් අය කළ මෙන් නොකළ යුතු බවත් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයකින්ම ඒවා බැහැර කළ යුතු බව පිළිගත් නිසා ඒවා ආපසු රැගෙන ආවෙමු. නමුත් මට මෙහිදී පැවසීමට වුවමනා වූයේ අනෙක් සියළුම දෙනා වැරදි දෙයක් අනුගමනය කළත් හරි දේ කුමක්ද කියා දැන ගෙනත් අපිත් ඒ දේම කළ යුතුද යන්නයි.
අද සමාජයේ බොහෝමයක් දෙනා දැන දැන වැරදි කරන්නේ මේ නිසයි. බොහෝමයක් පිරිසගේ ආකල්ප වල වෙනසක් කළ යුතු කාලයයි මේ. බොහෝමයක් දෙනා සිතන්නේ අනික් අයත් ඒ දේ කරනවා නම් මමත් ඒ දේ නොකළ යුත්තේ ඇයි යන්නයි. බොහෝමයක් දෙනා සිතන්නේ තමන් ගැන පමණය.බහුතරයක් දෙනා වැරදි කළ පමණින් දැන දැන තමනුත් වැරදි කළ යුතුද යන්න නුවණින් සිතා බලා කටයුතු කරනවා නම් මෙවන් ප්‍රශ්න පැන නඟින්නේ නැත.
හරි දේ දැනගෙනත් වැරදි අනුන් කරන නිසා තමනුත් වැරදි දෙයක් කළොත් තමන්ටත් කවදා හරි වෙනත් කෙනෙක් කරන්නේ ඒ දෙයමයි කියා සිතාගෙන කවුරුත් කටයුතු කරනවා නම් වඩා හොඳය. මන්දයත් තමන්ට වරදක් සිදු වූ කල්හි ඒ වෙනුවෙන් පිහිට වීමට අනුන් කරනවා ඒ නිසා මමත් කරනවා යයි කියා සිතන ආත්මාර්ථකාමී පුද්ගලයින් පිහිටට පැමිණෙන්නේ නැති නිසාය.
කැන්ඩි....




































